මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගත් සැකකරුවන් තිදෙනා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ , රස්නායකපුර , වැලිමඩ සහ පේරාදෙණිය යන ප්‍රදේශවලදීයි.
පොලීසිය සඳහන් කළේ, මොවුන් තිදෙනා මොහොමඩ් සහාරාන් සමග නුවරඑළිය , හම්බන්තොට සහ අරුප්පල ප්‍රදේශවලදී පුහුණුව ලබා ඇති බවයි.
මේ අතර අන්තවාදී ත්‍රස්ත සැකකරුවන් 36 දෙනෙකු මේ වන විට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවේ.
පොලීසිය පැවසුවේ එම පිරිස අතර මව්ලවිවරුන් දෙදෙනෙකු සහ සැකකාරියක ද වන බවයි.

0 Comments