ලංකාවට පැමිණෙන ගුවන්යානා වල ද්‍රව්‍ය ගුවන් යානා මගින් විනාශ කිරීම සඳහා ගුවන් තොටුපලළ හා ගුවන් සේවා සමාගමට භාර දීම සිදු කරනු ලබයි .ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම එම අපද්‍රව්‍ය නයිකන්දේ පිහිටි දහනාගාරයක් මගින් පිළිස්සීම සිදු කර ඇත. නමුත් වසර 15 ක කාලයක පටන් අපද්‍රව්‍ය ටෙන්ඩර් කැඳවා කිහිප දෙනෙකු අතට පත් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අවධාරණය කර සිටී. ගුවන්යානා වල අපද්‍රව්‍ය ගුවන්තොටුපොළේ දී එම ව්‍යාපාරිකයන්ට තෝරාගැනීම්ට ලබාදෙන අතර ඉතිරිවන කොටස් පමනක් නයි කන්දේ පිහිටි දහනාගාරයට යවන බවත් ව්‍යාපාරිකයන් විසින් තෝරාගනු ලබන කොටස් නැවත රටතුල අලෙවි කිරීමට කටයුතු කරන බවත් සඳහන් වේ. මෙම හේතුවෙන් විවිධ විෂබීජ රටපුරා ව්‍යාප්ත වී සෞඛ්‍ය ගැටලුවක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ පෙන්වාදෙයි.
The post ගුවන් යානා කුණුත් රට තුලට. අලෙවියට ව්‍යාපාරිකයන් අතට. appeared first on Lanka News Column.

0 Comments