Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගොඩගැසී තිබූ ලිපි බෙදා හැරීම ඇරඹේ

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 06කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති අද දිනයේදී එම ලිපි බෙදාහැරීම සිදුකරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ, 

තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණේ, බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

තැපැල් වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ, පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා, දිවයින පුරා තැපැල් සේවකයින් 26,000 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();