Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනවරමින් රාජ්‍ය බලය ලැබු‍ණොත් දහම් පාසල් සිසුන්ට දිවා ආහාර නොමිලේ

පොදුජන වරමින් රාජ්‍ය බලය නැමැති හැන්ද තමන්ට ලබාදුණහොත් මෙරට සියලුම දහම් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම සහ දිවා ආහාරය නොමිලේ ලබාදීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ දරු පරපුර යහමඟට යොමුකරවන ප්‍රධාන ආයතනය ගමේ දහම් පාසල බවත්, රටට ශීලාචාර පුරවැසි පරපුරක් බිහිකිරීමට නම් ගමේ දහම් පාසල අප ශක්තිමත් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බුදුදහම අනතුරේ යැයි කියමින් අද චෝදනා කරන පිරිස් එදා බලයේ සිටියදී බුදු සසුනේ උන්නතිය උදෙසා සිදුකළේ කුමක්ද කියා ප්‍රශ්න කළ අමාත්‍යවරයා, කයිවාරු බෞද්ධකම හා ක්‍රියාකාරී බෞද්ධකම පිළිබඳව හොඳින් සිතා බලා තීන්දු තීරණ ගැනීමට ජනතාවට කාලය එළඹ ඇති බවද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බටුවිට මහින්දවංශ ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ. සියලු පහසුකම් සහිතව මෙම දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 40කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();