Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එමිල් රංජන්ට හා රංගජීවට අධිචෝදනා

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව යන අයට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාරදුන්නේ ය.

අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.

එම විත්තිකරුවන් දෙදෙනාට මේ මොහොතේ ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන නමුත්, නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමෙන් පසුව නඩු විභාගය අවසන් වී තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක අධිකරණයට දැනුම් දුන්නේ ය.

මේ වනවිට අධිකරණය මගහැර ගොස් සිටින එම නඩුවේ තුන්වන විත්තිකාර ඉමදූවගේ ඉන්දික සම්පත් නමැත්තා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ඊළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

නඩු විභාගය ලබන අගෝස්තු මස පළමු වන දා දක්වා කල් තැබිණ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();