Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිරිවෙහෙර රාජමහා විහාරයේ විදුලිය ගැටලු වහා විසඳන්න

Author(s): 
චමීර ඇල්ලදෙණිය

ඇමැති රවීගෙන් නිලධාරීන්ට උපදෙස්

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසැඳී පවතින විදුලිය සම්බන්ධ ගැටලු සඳහා කඩිනම් විසදුම් ලබාදිමටත්, විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා නිලධාරීන් දැනුවත් කර තිබේ.

වසර 49කට පසු කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ආලෝකකරණය නවීකරණයට පියවර ගැනීම විශේෂත්වයකි.

ඓතිහාසික රුහුණූ කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහරට සමඟාමීව, පසුගිය දා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50ක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කර තිබූ කිරිවෙහෙර වහන්සේ විෂයෙහි පැවැති කප්රුක් පූජාව ඇතුළු කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පින්කම් මාලාවකට සහභාගී වූ අමාත්‍ය රවී කරුණානායක මහතා එම විහාරස්ථානයට අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එම විහාරස්ථානයට අදාළ විදුලි සංවර්ධන කටයුතු ඉටුකිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තිබීම විශේෂත්වයකි.

1970 වසරේ ස්ථාපිත කර ඇති කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආලෝකකරණ පද්ධතිය, මේ වනවිට වසර ගණනාවක් පුරාවට නවීකරණයකට භාජනය කර නොමැත. ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, අදාළ විදුලිය නවීකරණ කටයුතු සිදු කිරීමටත්, කිරිවෙහෙර පරිශ්‍රය පුරාවටම නව විදුලි ආලෝකකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමටටත් අවශ්‍ය පියවර ගන්නා බව, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැකීම පිණිස පැමිණි අවස්ථාවේ උන්වහන්සේට පොරොන්දු වී තිබේ.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා දේශපාලනඥයෙක් ස්වේච්ඡාවෙන් මෙවැනි උතුම් කර්තව්‍යයක් සිදුකිරීමට ඉදිරිපත්වීම විශිෂ්ට ක්‍රියාවක් බවත්, තමන් රජයෙන් මෙතෙක් මෙවැනි කටයුත්තක් සිදුකර දෙන ලෙසට ඉල්ලීමක් පවා සිදු කර නොමැති බවත්, පොදු මහජනතාව වෙනුවෙන් සිදුකරන මෙම උතුම් කටයුත්ත වෙනුවෙන් අමත්‍යවරයාට තමා ස්තුතිවන්ත වන බවත්, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැවසූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();