ඇමැති අර්ජුන කියයි
ශීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් මීරිගම දුම්රිය ස්ථානයේ නතර නොකිරීම ඇතුළු මගී සංගමයේ ඉල්ලීම් සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත දුම්රිය බලධාරීන් හා සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (16) මීරිගම දී පැවසීය.
ඇමතිවරයා මීරිගම දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයකට ගිය අවස්ථාවේ මගී සංගමය මගින් තලේමන්නාරම, යාල්දේවී, පොඩිමැණිකේ ඇතුළු ශීඝ‍්‍රගාමී දුම්රිය කිහිපයක් නතර නොකිරීම නිසා ජනතාව අපහසුතාවට පත් වෙන බව ද දිනකට 11, 000කට වැඩි පිරිසක් ගමන් පහසුව සලසා ගන්නා බව ද මගී සංගම් පෙන්වා දුන්හ. වේයන්ගොඩ, ගම්පහ හා රාගමට ලැබෙන සැලකිල්ල මීරිගමට නොලැබෙන බව ද පෙන්වා දුන්හ.
වසර පහකට පෙර මෙම දුම්රිය ස්ථානයේ ආදායම රුපියල් ලක්ෂ 42ක් වූ අතර මේ වන විට එය රුපියල් ලක්ෂ 75 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද ජනතා ඉල්ලීම් ලැබෙන්නේ නම් මෙම ආදායම රුපියල් කෝටිය දක්වා වර්ධනය කර ගත හැකි බව ද මගී සංගමය ඇමැතිවරයාට පෙන්වා දුන්නේය.
ළඟදීම ලැබෙන දුම්රිය කට්ටල දහයක් සමඟ මේ තත්ත්වය වෙනස් කර, ජනතා ඉල්ලීම් ලබා දීමට පියවර ගන්නා බවත්, සෙසු ඉල්ලීම් සම්බන්ධයෙන් මගී සංගමය, හා දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවත් ඇමැතිවරයා මෙහි දී සඳහන් කළේය.
කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

0 Comments