Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිළිඳු දරු පවුලකට නොමිලයේ විදුලි ආලෝකය

මුන්දලම කට්ටෙයිකාඩු පෙරුක්කුවටවාන ප්‍රදේශයේ වාසය කරන අඩු ආදායම්ලාභි පවුලක් වෙසෙන පොල් අතුවලින් සකස් කර ඇති නිවසකට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ කිරියන්කල්ලිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් නිවස රැහැන් ගත කර විදුලි බල සේවාව නොමිලයේ ලබා දී ඇත.

පෙරුක්කුවටවාන ප්‍රදේශයේ ජීවත් වන පෝරුතොටගේ දිළිණි දිනිශා මහත්මිය සහ ඇගේ ස්වාමි පුරුෂයාත් දරුවනුත් වාසය කරන්නේ පොල් අතුවලින් සකස් කළ නිවසකය. කොහු මෝලක සේවය කිරීමෙන් ලබන ආදායමෙන් ජිවිකාව ගැට ගසා ගෙන සිටින ඔවුන්ගේ රැය පහන් කරනුයේ කුප්පි ලාම්පු එළියෙනි. විදුලිය ලබා ගැනීමට අවශ්‍යය මුල්‍යයමය දායකත්වය යෙදීම‍ට ඔවුන්ට හැකියාව නැත.

මෙය දැන ගත් කිරියන්කල්ලිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය තමන් විසින් සොයා ගත් රුපියල් ලක්ෂයක පමණ මුදලක් යොදා ආරක්ෂා සහිතව විදුලි සැපයුමක් ලබා දිමට පියවර ගන්නා ලදී.

මුන්නේශ්වරම සමුහ
ඊ.සී.ප්‍රනාන්දු.ජායාරූපය මුන්නේශ්වරම සමුහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();