Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරිම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

බන්ධනාගාර කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මගින් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරිම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
 
එම අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස 30වනදා තෙක් බලපැවැත්වෙනු ඇත. පෙත්සම යළි ඔක්තෝබර් 29 වනදා කැදවීමට නියමිතය.
 
වගඋත්තරකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි ද නිකුත් කෙරුණි. ශ්‍රේෂ්ඨාදිකරණය මෙම නියෝගය නිකුත් කළේ මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් නිතිඥ කේ එච් දීගනගේ මහතා ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();