අමෙරිකාව වසර 15කට පසු මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඝාතකයන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කර ඇති බවත් අමෙරිකා එක්සත් ජනපද නීතිපති විලියම් බාර් ඊයේ (25) නිවේදනය කර ඇත.
රාජ්‍ය මට්ටමින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
දරුණු ගණයේ අපරාධකරුවන්ට එරෙහිව මරණ දඩුවම යළි ක්‍රියාත්මක කරන බව, අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියි. නීතිපති විළියම් බා බන්ධනාගාර කාර්යාංශයට උපදෙස් ලබා දී ඇත්තේ රැඳවියන් 5 දෙනෙකුට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ලෙසයි. ලබන දෙසැම්බර් හා ජනවාරි මාසවල දී ඒවා සිදු කිරීමට නියමිතව ඇත.
ළමා දූෂණවලට වැරදිකරුවන් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන්ට එරෙහිව මරණ දඩුවම යළි ක්‍රියාත්මක කෙරෙන්නේ, 2003 වසරෙන් පසුවය. 1988 වසරේ සිට 2018 දක්වා කාලය තුළ පුද්ගලයන් 78 දෙනෙකු මරණ දඩුවමට ලක්කර තිබේ.
0 Comments