Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

 කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 16ක කාලයක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
 
ඒ අනුව නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ 03,04,05,06 ‍හා හෝකන්දර මෙසේ ජලය සැපයිම අත්හිටුවනු ඇත.
 
එසේම එම කාල සීමාව තුළ කොළඹ /දෙහිවල – ගල්කිස්ස/කොට්ටේ/ කඩුවෙල යන මහ නගර සභා සීමා තුලත්, මහරගම/ බොරලැස්ගමුව/ කොළොන්නාව යන නරග සභා සීමා තුළත්, කොටිකාවත්ත / මුල්ලෙරියා ප්‍රාදේශිය සභා සීමා තුළත් රත්මලාන හා සොයිසාපුර යන මහල් නිවාස සංකීර්ණ වලටත් අඩු පීඩනයක් යටත් ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරනු ලැබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();