ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා අතර හමුවක් පෙරේදා (15) සිදු විය.
ටජිකිස්තානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩානැංවීමේ පියවර පිළිබඳ 05 වැනි සමුළුව අතරවාරයේ නායකයෝ මේ හමුවට එක් වුහ. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් මේ වන විට සම්බාධක පනවා තිබෙන අතර, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ. එමෙන්ම නුදුරු දිනක දීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද ජනාධිපතිවරයා ව්ලැඞ්මිර් පුටින් මහතා වෙත ආරාධනා කළේය.
0 Comments