ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් විසි තුන් දෙනෙකු නිදහස් කිරීමට ප්‍රචාරයක් ලෙස ශ්‍රී ලංකා රජය ඉන්දීය ධීවරයන් 18 දෙනෙකු 15 දා නිදහස් කොට තිබේ. මේ ධීවරයන් 18 දෙනා යාත්‍රා තුනක්ද සමග නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ මීට මාස දෙකකට ඉහතදී බව යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ ජෙයරූපසිංහම් සුදාකරන් මහතා පැවසීය.
නීතිපතිවරයාගේ උපදෙස් මත මේ ඉන්දීය ධීවරයන් දහ අට දෙනා පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව දිසා විනිසුරු නාලනී කන්දසාමී මෙනෙවිය විසින් ඔවුන්ව නිදහස් කොට තිබේ.
අධිකරණයෙන් නිදහස් කළ මේ ධීවරයන් පිරිස නාවික හමුදාව විසින් රැගෙන් ගොස් ඉන්දීය මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත බාරදීමට නියමිතය.
උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ
0 Comments