Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘‘මම විනිසුරු මාරු කරලා මට ඕන තීරණය ලියා ගත්තා… ‘‘ හිස්බුල්ලා අධිකරණයට බලපෑම් කළ බවට පාපොච්චාරණයක්..!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් මෙරට අධිකරණ පද්ධතියට සිදු කළ භයානක අත පෙවීමක් පිළිබඳ පාපොච්චාරණයක් සිදුකර තිබේ. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් විසින් මාධ්‍යයට මෙම හෙළිදරව්ව සිදු කර ඇත.

එහිදී සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන්  පවසා ඇත්තේ නැගෙනහිර ආණ්ඩුකාරවරයා සිය දේශපාලන බලය භාවිතා කරමින් එම ප්‍රදේශයේ අධිකරණයන්හි විනිසුරුවරුන් මාරු කිරීමට පවා කටයුතු කර තිබෙන බවයි. ඒ බව සිය පාක්ෂිකයන් අමතා ප්‍රකාශ කරන්නේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාම බව සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් පෙන්වාදී තිබේ.

නැගෙනහිර පළාතේ කෝවිලක් විනාශ කර එහි සුපිරි වෙළදසැලක් ඉදිකිරීමට තමන් කටයුතු කළ බවත් එහිදී සිය උපදෙස් පරිදි කටයුතු නොකළ මුස්ලිම් නොවන විනිසුරුවරයෙක් මාරු කිරීමට තමන් කටයුතු කළ බවත් නැගෙනහිර ආණ්ඩුකාරවරයා පාක්ෂිකයන් අමතා පැවසූ බව අරූන්කාන්තන් අනාවරණය කර ඇත.

එහිදි සිය පාක්ෂිකයන්ගේ අත්පොළසන් නාදය මැද තවදුරටත් කරුණු පවසන ආණ්ඩුකාරවරයා පවසන්නේ ඉන්පසුව මුස්ලිම් විනිසුරුවරයෙක් ගෙන්වාගෙන තමනට අවශ්‍ය තීන්දු අධිකරණයෙන් ලබාගත් බවය.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

හිස්බුල්ලා අධිකරණයට බලපෑම් කල හැටි

හිස්බුල්ලා අධිකරණයට බලපෑම් කල හැටි

Gepostet von Neth FM am Mittwoch, 22. Mai 2019


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();