Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු දා ප්‍රහාරය සොයන්න විශේෂ තේරීම් කාරක සභාවක්

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

අප්‍රේල් 21 දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තු‍වට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඊයේ (23) පත් කෙරිණි.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා එහි සභාපතීත්වය දරන අතර, එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍ය රාවුෆ් හකීම්, රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා‍ , කාවින්ද ජයවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන පිරිස කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් 12දෙනකු පත් කළ යුතු වූවත් මෙම තේරීම් කාරක සභාවට නම්කර ඇත්තේ සභාපතිවරයා ද ඇතුළුව අටදෙනෙකි . මෙම තේරීම් කාරක සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් නම් කර නොතිබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();