බන්ධනාගාරගතව සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ජනාධිපති සමාව හිමි විය.
ඒ අනුව මීට ටික වේලාවකට පෙර උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ ය.
රටේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ ප්‍රධාන පිවිසුමෙන් නොව වෙනත් මාර්ගයකින් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට උන්වහන්සේ කෝට්ටේ ඉත්තෑපානේ මහනායක ස්වාමින් වහන්සේ බැහැ දැකීම සදහා කොට්ටාවේ රුක්මල්ගම විහාරස්ථානයට වැඩම කර ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාස 09ක කාලයක් බන්ධනාගාරගතව සිටියේ ය.

0 Comments