Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැටන් - මහනුවර බස්රථ වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස්රථ අද(24) පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කර තිබේ. 
 
ඒ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන සියලූ බස්රථ නාවලපිටිය බස්නැවතුම්පලට ඇතුළත් නොකිරීමට බලධාරීන් ගත් තීරණයට විරෝධය පළ කරමින් ය. 
 
එම මාර්ගයේ දෛනිකව ලංගම සහ පෞද්ගලික බස්රථ ගමන්වාර 67ක් කි‍්‍රයාත්මක කෙරේ. මීට පෙර සිය බස්රථවලට නාවලපිටිය බස් නැවතුම්පලේදී මගීන් නංවා ගැනීමට අවස්ථාව ලබා දී තිබූ බවයි හැටන් සිට මහනුවර ලංගම සහ පෞද්ගලික බස්රථ සේවකයින් පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();