රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාටත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලාටත් එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ටෙලෝ සංවිධානය ප්‍රකාශ කරයි.
විවිධ පාර්ශව වලින් මේ දෙදෙනාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණ පවත්වා ඔවුන් වැරදිකරුවන් නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ටෙලෝ නායකයින් විසින් ඊයේ (26) වවුනියාවේදී ප්‍රකාශ කළහ.
වවුනියාවේ පිහිටි ටෙලෝ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද එහි ලේකම් එන්.එස්.ශ්‍රී කාන්තා මහතාද කියා සිටියේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවේදී ටෙලෝ සංවිධානය රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරණ බවයි.
මේ සාකච්ඡාවට ටෙලෝ සංවිධානයේ අධ්‍යම කාරක සභා නියෝජිතයින් ඇතුළු ජෙයෂ්ඨ සාමාජිකයින් 24 දෙනාම සහභාගී වූ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සියලුම මුස්ලිම් ජාතිකයිඋන්ට එරෙහිව දේශපාලන බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්ම කරණ ලෙස ටෙලෝ සංවිධානයේ සියලුම දෙනා ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළහ.
මේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේශපාලනඥයින් විසින් රටේ ආරක්ෂාව හෑල්ලුවට ලක් කරමින් කරණ ලද ප්‍රකාශ සම්බන්ධයෙන්ද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ටෙලෝ නායකයින් මේ සාකච්ඡාවේදී කියා සිටියහ.
0 Comments