නැවතත් ප්රධාන නගර ආශ්රිතව මංතීරු නීතිය ක්රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය විසින් තීරණය කර තිබෙන බව පොලිස් මාධ්ය ප්රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් කරමින් මේ බව පැවසීය.
පසුගිය කාලය තුළ අවස්ථා කීපයක දීම දිවයිනේ ප්රධාන නගර ආශ්රිතව මංතීරු නීතිය ක්රියාවේ යෙදවීම සිදු කළා.මෙලෙස මංතීරු නීතිය ක්රියාත්මක කිරීම හේතුවෙන් මාර්ගවල විනය ඇතිවෙනවා වගේම වාහන තදබදය අවම වෙනවා.රිය අනතුරු අවම වීම ද මේ නිසා නිරීක්ෂණය කළා.
නැවතත් ප්රධාන නගර ආශ්රිතව මංතීරු නීතිය ක්රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සති දෙකක සහන කාලයක් රියදුරන්ට ලබාදෙනවා.බස් රථ හා බර වාහන සඳහා මංතීරු නීතියට අවතීරණ වීමට හා එය ප්රායෝගිකව ක්රියාවේ යෙදවීමට මෙම සති දෙකක සහන කාලය ප්රයෝජනයට ගන්න හැකියාව තිබෙනවා. සති දෙකක කාලයෙන් පසුව මෙම මංතීරු නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
The post නැවතත් ප්රධාන නගර ආශ්රිතව මංතීරු නීතිය ක්රියාත්මක කිරීමට තීරණයක් appeared first on Lanka News Column.

0 Comments