Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තලවකැලේ-ලිදුල නගර සභා ආයතනවල බුර්කාව තහනම්…

රටේ දැනට පවතින ආරක්ෂක හේතුන් මත තලවකැලේ ලිදුල නගර සභා බල ප්‍රදේශයේ බුර්කාව පැළදිම තහනම් කර ඇති බව එම නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක සේපාල මහතා කියා සිටියේ තම නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ බස් නැවතුම්පොල , තලවකැලේ ලිදුල නගර සභාව ප්‍රධාන කාර්යයාලය , පුස්තකාල , ආයුර්වේදය බෙහෙත් ශාලාව සහ නගර සභා සෞඛය ආයතනවලට බුර්කාව පැළද එම තහනම් කර ඇති බවයි.

එසේ බුර්කාව තහනම් කර තිබියදි නගර සභාවට බුර්කාව පැළද පැමිණි කාන්තාවකට එය ගලවා නගර සභාවට එන ලෙසට කල දැනුම් දිමට ඇය දැනුම් දි ඇත්තේ බුර්කාව පැළදිම තහනම් කර ඇති නියෝගය තමන් වෙත පෙන්වන ලෙසයි.

එහිදි නගරාධිපතිවරයා බුර්කාව පැළද සිටි කාන්තාවට පවසා ඇත්තේ බුර්කාව පලදින ලෙස කර ඇති නියෝගය ගමන්ට මුලින්ම පෙන්වන ලෙසයි.

බුර්කාව පැළදිම තහනම් කර ඇති මෙම නියෝගය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරායාව දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභපතිවරයා කියා සිටි.

– හැටන් රංජිත් රාජපක්ෂ


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();