Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කර බෝධි පූජා පිංකමක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය සියලූ දෙනාට පිං අනුමෝදන් කරමින් සහ තුවාල ලැබූ සියලූ දෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් ලොව පාලනය කරන සක‍්‍රදේවේන්ද‍්‍රයන්  වෙනුවෙන් පැවැත්වූ බෝධිපූජාමය පිංකමක් ඊයේ (27) සවස අම්බලන්ගොඩ, කළුවඩුමුල්ල, ශ්‍රී විජයාරාමයේදී ආචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රට කරවන නායකයන්ගේ අවධානය රට ඉදිරියේ ඇති අභියෝග හමුවේ වඩාත් යහපත් අයුරින් යොමුකරවීමත්, ත්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු රණවිරුවන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනාකිරීමත් මුල් කර ගනිමින් පැවති මෙම පිංකම සදහා සියගණනින් ජනතාව සහභාගී වි සිටියහ. රට තුළ යම් උපද්‍රවයක් සිදු වූ සෑම මොහොතකම බෝධීන් වහන්සේ අභියස මෙම පූජාව පවත්වමින් මුළුමහත් රටටම සෙත්ප්‍රාර්ථනා කරන බව විහාරාධිපති පූජ්‍ය විලේගොඩ අරියදේව හිමිපාණන් අපවෙත පැවසීය.

 

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();