Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධුෂ්ගේ නඩු තීන්දුව ඔන්ලයින් ක්‍රමයට

Author(s): 
විජයානි එදිරිසිංහ
උපාලි කරුණාරත්න

මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙකුගෙන් සමන්විත පිරිස ඊයේ(28) දින ඩුබායි මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ තීන්දුව ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රකාශයට පත් කරන බව වාර්තා වන අතර එම තීන්දුව අද (01) දින දැන ගැනීමට හැකි වන බව වාර්තා වෙයි.

අබුඩාබිහි මහාධිකරණ විශාල ප්‍රමාණයක් තිබෙන අතර මේවායේ තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීම මෙරටට වඩා වෙනස් සංකීර්ණ කටයුත්තක් බැවින් අධිකරණ ක්‍රියාවලියේ තීන්දු තීරණ මේ ආකාරයෙන් ඔන් ලයින් ක්‍රමයට සිදුවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මීට මසකට පෙර ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරවකු වූ මාකදුරේ මධුෂ් කලාකරුවකු වූ අමල් පෙරේරා ඇතුළු 31 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඊයේ ඩුබායි මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඩුබායි නීති රීතිවලට පටහැනිව ක්‍රියා කර ඇති පිරිසට එරෙහිව එරට නීති මඟින් කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඊට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර හෝ වෙනත් වැරදි කිසිවක් සිදු කර නැති පිරිස නිදහස් කර යැවීමට ඩුබායි මහාධිකරණය තීරණය කර ඇතත් එම තීරණය තව සති කීපයකින් නැවත එම නඩුව කැඳවා එදිනට එම නියෝගය ලබාදීමටත් තීරණය කර ඇති බව ද වාර්තාවේ. ඩුබායි මහාධිකරණයට මෙම පිරිස ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළද එම කරුණු සියල්ල සලකා බලා නියෝගයක් ලබාදීමට එසේ තවත් සති කීපයකින් යළි එම නඩුව කැඳවීමට තීන්දු කර ඇතත් එම දිනය කවදාද යන්න ස්ථිරවම නීතිඥවරු හරහා දැන ගැනීමට අපහසුවිය. ඊට හේතුව දුරකතන සම්බන්ධතා ඔස්සේ ඔවුන් සම්බන්ධකර ගැනීමට ඊයේ(28) පස්වරුවේ දැඩි අපහසුතාවක් පැවතීමයි.

අධිකරණ නියෝගවලින් පසු මෙම තිස් එක් දෙනාම යළි ඔවුන් සිටි බන්ධනාගාරය වෙත යොමුකරනු ලැබූ බවද වාර්තා වෙයි. තවද ඊයේ මෙම සැකකරුවන් ඩුබායි මහාධිකරණයට ඉදිරිපත් කිරීම හා ඊට අදාළ සියලු කරුණු අද(01) දින මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දෙන බවට තොරතුරු වාර්තාවේ.

පසුගිය පෙබරවාරි 4 වැනිදා ඩුබායි පොලිසිය මගින් ඩුබායි හෝටලයක මත්ද්‍රව්‍ය ද භාවිත කරමින් පැවැති සාදයක් අවස්ථාවේ අත්අඩංගුවට ගත් මේ පිරිස ඩුබායි මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු ප්‍රථම අවස්ථාව මෙය වෙයි. එම කාලය තුළ මෙම සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ පැවැත්වූ ඩුබායි පොලිසිය තීරණය කර ඇත්තේ එරට නීතියට අනුව මෙම පිරිස අතරින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබාගෙන සිටි පිරිස වරදක් කර ඇති බවයි. ඒ බව තහවරු කර ගැනීම පිණිස මෙම 31 සම්බන්ධයෙන් රුධිර පරික්ෂණ ඇතුළු තවත් කරුණු රැසක් පරික්ෂාවට ලක්කළ අතර පසුව එම පිරිස අතරින් 16 දෙනකුගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය අඩංගු බවට තීරණය කෙරිණි.

මීට අමතරව මෙම පිරිසගෙන් ඔවුන් ඩුබායිහි සැඟවී සිට ව්‍යාජ නම්වලින් පවා පෙනී සිටිමින් කළ කී දැ සම්බන්ධයෙන්ද පරික්ෂණ පවත්වා මදුෂ් ඇතුළු එරට පදිංචිව සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුගේ නිවෙස් ද පරක්ෂාවට ලක්කරනු ලැබිණි. තවද මේ පිරිස පාවිච්ච් කරන ලද වාහන පවා පරික්ෂාවට ලක්කර තිබුණි.

ඒ අතර මෙම පිරිස අතරින් 16 දෙනෙක් එරට නීතියට අනුව වරදක් කර ඇති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාශය වෙත නිල වශයෙන් දැනුම් දීමක් ද එරට පොලිසිය මගින් දැනුම් දී තිබුණි.

එසේ දැනුම් දී තවදුරටත් මසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි මේ පිරිස සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයකට ඉදිරිපත් කරනවා ද නැතහොත් මෙරටට එවනවාද යන්න තීරණය කරනු ලැබුවේ එරට අධිකරණයත් පොලිසියත් අතර අධික්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කරන ලද්දේ විශේෂඥ නීති උපදේශන නිලධාරියා විසින්ය.

එම නිලධාරියාගේ අවසන් තීරණය මත මෙම පිරිස ඊයේ මෙසේ මහාධිකරණය වෙත ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලැබිණි. මෙම අත්අඩංගුවේ සිටි පිරිස අතරින් කිහිප දෙනකු වෙනුවෙන් මෙරටින් නීතිඥවරුන් වශයෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සහ තවත් කිහිප දෙනකු කටයුතු කරනු ලැබිණි. එ රට නීතියට අනුව මෙරට නීතිඥවරුන්ට එරට මහාධිකරණයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බැවින් මෙම නීතිඥවරුන් විසින් එරටින් සහ ඉන්දියාවෙන් නීතිඥවරුන් ගෙන්වා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();