Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කන්නයෙන් කන්නයට වී සඳහා දෙන සහතික මිල ඉහළ

ඉදිරියේදී කන්නයෙන් කන්නයට  වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.  
 
එදිනෙදා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් හට ඇතැම් විට කම්කරු සහ යාන්ත්‍රික උපකරණ වෙනුවෙන්  වැය කරනු ලබන කුලියහි උච්චාවචනයන්  නිසා කන්නයෙන් කන්නයට රුපියල් 02 කින් වත් වී කිලෝවක් සඳහා මිල ඉහළ දැමිය යුතු බවත්, දැනට වී සදහා පවතින සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඇමැතිවරයා පවසයි. 
 
ඉදිරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සෑම ගොවියකු සඳහා ම නිවස තුළ වී ගබඩාවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් 3% සහ 4%ක පොළී අනුපාතය යටතේ තමා ලබාදීමට බලාපොරොත්තු වන බවද, ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමේදී  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බිලියන 15 ක සංචිත මුදල් භාවිතා කළ හැකි බවද අමාත්‍යවරයා කියයි. 
 
මෙසේ සිදුකරන්නේ අතරමැදියා සහ වී මෝල් හිමියන්ගේ සුරාකෑමෙන් ගොවියා ආරක්ෂා කිරීමට බවද ඒ මහතා පවසයි. 
 
දැනට ඉදිරිපත්කර ඇති නාඩු රුපියල් 38 ක් සහ සම්බා කිලෝවක්  රුපියල් 41ක සහතික මිලට ණය ඇපකර ලබාගත් සමාගම් සහතික මිලටම ගොවියාගෙන් වී මිලදී ගතයුතු බවත්, එය කඩකරන සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි. 
 
මේ දිනවල කව්පි සහ මුං අස්වැන්න නෙළමින් පවතින බවත්, කව්පි සඳහා පැවති ආනයනික බද්ද රුපියල් 75 සිට රුපියල් 80 දක්වා රුපියල් 15 කින් බද්ද ඉහළදැමීමට තමන් ඉදිරි සතියේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි. තමන් හම්බන්තොට, කිළිනොච්චිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි වී මෙ.ටොන් 1000 ක් ගබඩා කර හැකි වී ගබඩා 3ක් තමන් මැදිහත්ව ඉදිකළ බවද, ඉදිරියේදී  වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රමාණය තවත් වැඩිකරන බවද, අතීතයේදී ගබඩා 2,000 ක් පමණ වී අලෙවි මණ්ඩලයට තිබුණද, දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින්නේ වී ගබඩා 200 ක් බවද අමාත්‍යවරයා කියයි.
 
දැනට පොළොන්නරුවේ වී සඳහා පවතින කීඩෑ උවදුරට විශේෂඥ කණ්ඩායමක් යොමු කර ඇති බවත්, ඒ සඳහා යාන්ත්‍රිකව නව තාක්ෂණය සමග උවදුර මර්ධනයට  කෘමිනාශක යෙදිය හැකි ක්‍රමවේදයක් තිබේද යන්න සහ කීඩෑ උවදුර මර්දනය කිරීම සඳහා ක්ෂණික විසඳුම් ලබාගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා කියයි.
 
අනුරාධපුර හැලඹෑව වී ගබඩාව ඉදිකිරීම සඳහා රුපියල්ලක්ෂ 250 ක මුදලක් වැයකර ඇත. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();