Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අනුරාධපුරයේ දී

බුද්ධිකා ඉඹුලාන
ජාත්‍යන්තර කාන්තා දිනය-2019, ජාතික සැමරුම් උත්සවය මෙම 08 දා  උදේ 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් , කාන්තා හා ළමා කටයුතු ,වියළි කළාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු මැතිඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
මෙම ජාතික සැමරුම් උත්සවය 'සුහුරු කතක්-සොඳුරු ලොවක්'තේමාව යටතේ පැවැත්වෙන අතර එයටකාන්තාවන් 6000ක් පමණ සහභාගි වීමට නියමිතය.
 
ප්‍රධාන ජාතික උත්සවයට සමගාමීව මෙම 07 සහ 08 දෙදින තුළ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගන උත්සව භූමි පරිශ්‍රයේදී ,ව්‍යවසායක කාන්තාවන්ගේ නීෂ්පාදන ඇතුලත් අළෙවි  කුටි 100 කින් සමන්විත අලෙවි පොළක් හා වෙ‍ළෙඳ ප්‍රදර්ශනයක්ද කාන්තාවන් උදෙසා සුවනාරි සායනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම මෙම ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ මට්ටමින් කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂිතය.කාන්තා හඬ අවදි කරවීම උදෙසා වන උද්දේශන පාගමනක්ද අද (01)දා කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලදී පැවැත්වේ.
 
එමෙන්ම 'සැමට සුන්දර ගමනක්'මැයෙන් උද්දේශන වැඩසටහනක්ද මෙම 06 දා අනුරාධපුර නගරයේදී පැවැත්වෙනු ඇත.මෙහිදී පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට වන හිංසන වැළැක්වීමට පොදු මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();