කන්ද උඩරට රාජධානියේ අභිමානවත් සංස්කෘතික උරුමයන් සදා සුරකිමින්, එළැඹෙන අභියෝගවලට ප්‍රඥාවන්තව මුහුණ දිය හැකි, යහපත් නිපුණතාවලින් සුසැදි, සොබාදහමට ඉමහත් සේ ඇලුම් කරන, මානුෂීය ගුණයෙන් සංවේදී, රට දැය සමය සිය ජීවය සේ සලකන අභිමානවත් පුරවැසියකු නිජබිමට දායාද කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ ජාතික පාසල වසර සියයක් සපුරයි.
1919 ජනවාරි මස 4 වැනි දින සිසුන් 08 දෙනකුගෙන් ආරම්භ වූ මේ පාසලේ මුල්ම ගුරුවරයා වුයේ මයාදුන්නේ ගුරු පියාණන්ය. ඒ වන විට ගොඩනැඟිලි 2කින් ද, ඉන්පසු විදුහල්පතිවරුන් 15 දෙනා අතරට වත්මන් විදුහල්පති එම්. ඒ. පී. එස්. බංඩාර මහතා සේවය කරයි. පාසල අද වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1500කින්පමණ සමන්විත මේ පාසලේ 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පැවැත්වේ. පියවරෙන් පියවර ඉදිරියට යමින් 1998 වසරේ දී මේ විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට ද, 2000 වසරේ දී ජාතික පාසලක් බවට ද පත් විය. ඉන්පසු 2015 වන විට තාක්ෂණ විද්‍යාගාරය ආරම්භ විය.
alawathugodocc@gmail.com සහ www.alawthugodo.sch.lk වෙබ් අඩවියකින් ද සමන්විත අතර මෙය දසත විසිරි සිටින ආදී සිසුන්ට වැදගති වනු නොඅනුමානයි. 2018 වන විට පාසල් ගුරු මණ්ඩලය 60කින් ද, අනධ්‍යයන කාර්යය මණ්ඩලය 21කින් ද, ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් 8කින් ද, ජ්‍යෙෂ්ඨ නායක නායිකාවන් 15කින් ද, කනිෂ්ඨ නායක නායිකාවන් 09කින් ද විද්‍යාලයට ලබා දෙන සේවය ඉතා අගනේය.
විෂය සමගාමී ක්‍රියාකාරකම් අතර මලල ක්‍රීඩා, අත්පන්දු, පාපන්දු, ත්‍රෝබෝල්, කරාතේ, එල්ලේ, ක්‍රිකට් චෙස් ක්‍රීඩා ද, ශිෂ්‍යභට, බාලදක්ෂ, පෙරදිග තුර්ය වාදක, පරිසර නියමුභට කමිටුව, සුපිලිපන්න සමාජය, කනිෂ්ඨ විද්‍යා සංගමය,මාධ්‍ය කවය, ජ්‍යෙෂ්ඨ විද්‍යා සංගමය, නාට්‍ය හා රංග කලාව, චිත්‍ර, නර්තන, සංගීත, මත් නිවාරණ ඒකකය, නව නිපැයුම්කරුවන්ගේ සංගමය, බෞද්ධ සංගමය, සිංහල ඉංග්‍රීසි සාහිත්‍ය සංගම ආදිය පෙන්වා දිය හැකිය.
2018 වන විට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රගතිය සියයට 11කි. ජයග්‍රහණ අතර කරාතේ ක්‍රීඩාවෙන් රන්, රිදී, ලෝකඩ වශයෙන් පදක්කම් දහස ඉක්මවා ඇත. ඉන්දියාවේ පැවති ෂිමෝගා ජාත්‍යන්තර තරගයෙන් රන් පදක්කම් 2ක් ද දිනාගැනීමට මේ පාසලට හැකි විය. නර්තන අංශයෙන් කටුගස්තොට අධ්‍යපන කලාපයෙන් ප්‍රථම ස්ථානය මේ විද්‍යාලයට හිමි විය. ශ්‍රීමත් ජෝන් ටාබට් තරගයෙන් අංග 6කින් ජයග්‍රහණ ලබා ගත් මේ විද්‍යාලය කලාප මට්ටමින් ශුරතා සහ අනුශුරතා දිනාගෙන ඇත. සමාජීය විද්‍යා තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්, ජාතික මට්ටමින් දෙවන ස්ථානයත්, තාක්ෂණ විෂය ධාරාවට සමගාමීව අන්තර් පාඨශාලීය දැනුම මිනුම තරගයෙන් සමස්ත ලංකා ශුරතාව ද දිනා ගන්නා ලදි. සිංහල භාෂා දිනය නිමිත්තෙන් පැවති පද්‍ය ගායනා තරගයෙන් ඒකල අංශයෙන් මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය ද මේ විද්‍යාලයට හිමි විය.
උකුවෙල සංචාරක
ප්‍රියන්ත සුමනසේන
0 Comments