මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ඓතිහාසික සීගිරියේ සංචාරක නැරඹුම් සීමා පරිශ්‍රයේ දුම්වැටි අලෙවිය හා භාවිතය සපුරා තහනම් කොට තිබේ. සීගිරිය සංචාරක නැරඹුම් සීමාව ඉතාම පිරිසුදු හරිත කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මත මේ පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව, සීගිරිය නැරඹීමට එන දෙස් - විදෙස් සංචාරක පිරිස් ඇතුළු එහි සේවය කරන සියලු ශ්‍රමිකයන්ට මේ තහනම තදින් ක්‍රියාත්මක කිරීමටද පාලන අධිකාරිය පියවර ගෙන ඇත. ඓතිහාසික සීගිරියේ සංචාරක මර්මස්ථානය මේ වන විට පොලිතින් හා ප්ලාස්ටික් භාවිතයෙන් මුක්ත කලාපයක් ලෙස පවත්වාගෙන යමින් සිටින අතර, එම වැඩසටහනට සමගාමීව මෙකී දුම්වැටි විරෝධී වැඩසටහන ක්‍රියාත්මක වේ.
සීගිරිය සමූහ
0 Comments