Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලන අර්බුදය හමුවේ වෙනිසියුලාවේ විදුලිය බිඳවැටීමක්

වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ රටපුරා යළි විදුලිය විසන්ධිවීමක් සිදුව තිබේ
 
පසුගිය සති දෙකකට පෙරද වෙනිසියුලාවේ සිදුවු විදුලිය විසන්ධිවීම හේතුවෙන්  රට පුරා ජනතාව මහත් අපහසුතාවට පත්විය. 
 
වෙනිසියුලාවේ කරාකස් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකටම විදුලිය නොමැති බව එරට වාර්තා සදහන් කරයි. ඉන් මිලියන හයක පමණ ජනතාවකට පීඩා එල්ලවී තිබේ. පැය හතරකට පමණ පසුව යළි විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව සදහන් වේ. 
 
මේ හේතුවෙන් රෝහල්, පොදු ප්‍රවාහන, ජලය සහ වෙනත් සේවාවන් සඳහා ද දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. 
 
මෙම විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ජනාධිපති නිකොලස් මදුරෝ එරට විපක්ෂයට චෝදනා කරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();