මඩකලපුව පුනොච්ච්මුනයි ඉක්‍රම් විදුහලේ ගුරුවරයකු වේවැලකින් පහරදීම නිසා පහ වසර සිසුන් 18ක් පෙරේදා (13) කාත්තන්කුඩ් මුලික රෝහලට ඇතුළත් කර ඇත.
පහරදුන් ගුරුවරයා කාත්තාන්කුඩ් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පෙරදින දුන් ගෙදර වැඩ නිසි ලෙස නොකිරීම නිසා මේ ගුරුවරයා සිසුන්ට දඬුවම් කර ඇති බව වාර්තා වෙයි.
පහර දීම නිසා කෝපයට පත් එම සිසුන්ගේ මාපියන් විසින් සිසුන් සියලු දෙනාම රෝහල් ගත කර ගුරුවරයාට එරෙහිව පොලීසියට පැමිණිලි ද කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමසූ විට එම ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතා පැවසුවේ සිසුන්ගේ වෛද්‍ය වාර්තා කැඳවා ඇති අතර, ඒ අනුව ඉදිරි පරීක්ෂණ සිදුවන බවයි.
විජයානි එදිරිසිංහ සහ ජව්ෆර්කාන්

0 Comments