Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවහසක් ජනතා ප්‍රාර්ථනය ගෝඨාභයයි… අපේ පිලේම උද්දච්චයන් කකුලෙන් අදිනවා – විමල් (Video)

මීළග ජනාධිපතිවරයා විය යුතු යැයි මෙරට සුවහසක් ජනතා ප්‍රාර්ථනය වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, එම මහජන ඉල්ලීම තමන්ද නියෝජනය කරන බවත් ජාතික නිදහස් පෙරමුණො නායක විමල් වීරවංශ මහතා පවසයි.

ශ‍්‍රීලනිප හා පොහොට්ටුව අතර නව සන්ධානයක් ගොඩනගනවාට විරුද්ද පිරිසක් සිටින බවත් මැතිවරණයක් ජය ගැනීමට නම් එක් කර ගත හැකි එක් කර ගත හැකි සියළු පිරිස් එක් කර ගත යුතු බව ඔවුනට නොතේරෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

තනිව දිනන්න හැකියයි උද්දච්ච ලෙස කල්පනා කලහොත් නියමිත ජයග‍්‍රහණය නියමිත ලෙස නොලැබෙන බවත් විශේෂයෙන් ජනාධිපතිවරණය තනිව ජයගත හැකි යයි සිතීම සතුරාගේ උවමනාව ඉටු කිරීමක් බවත් ඔහු කියා සිටී.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();