Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

ඒ දෙරට අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් ජයග්‍රණය කිරීමත් සමඟයි.

පෝට් එලිසබත්හි පැවති තරඟයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් සිය පලමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 222ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වුයේ ලකුණු 154ක් පමණයි.

ලකුණු 68ක වාසියක්ද සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණ 128ක් තුළ දවා ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව තරඟ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවු ඉලක්කය ලකුණු 197ක්.

ශ්‍රී ලංකා දෙවනි ඉනීමේ මුල් කඩුලු 2 අඩු ලකුණු සංඛ්‍යාවට දැවී ගිය ද තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වු ඕෂද ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන ගියේය.

මෙහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84ක් ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මානය හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ අතර මෙම ජයග්‍රහණය ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ලද පුර්ණ ටෙස්ට් ජයග්‍රණයක් ලෙසද වාර්තා පොතට ඇතුළත් වෙයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();