Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව සන්ධානය නව ලාංඡනයකින් සහ නමකින්…මෛත්‍රී – මහින්ද විශේෂ හමුවේදී ගත් තීන්දු මෙන්න (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය සඳහා වූ සාකච්චා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේදී සිදුව තිබේ.

නව සන්ධානය සඳහා සම සභාපතිවරුන් දෙදෙනෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි බවද වාර්තා වේ.

මෙම සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ගෙන් යුතු කමිටුවක්ද පත් කර ඇති අතර ඔවුන් වට කිහිපයක්ම සාකච්ඡා පවත්වා තිබෙන බවද සදහන්ය.

නව සන්ධානයේ නම ලෙස ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යෝජනා වී ඇති අතර ඒ සඳහා අවසන් එකඟතාවයකට පැමිණ නැත.

නව සන්ධානයේ මැතිවරණ දකුණද ලෙස පොදුජන පෙරමුණ පාර්ශවයෙන් යෝජනා වී ඇත්තේ ‘පොහොට්ටුව’ ලකුණ වුවත් ඒ සඳහා දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ නැත.

ශ‍්‍රීලනිප පාර්ශවය සදහන් කරන්නේ නව දේශපාලන සන්ධානය අලුත් නමකින් හා අලුත් නමකින් ආරම්භ කරන බවයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();