නිසි ප්‍රතිපත්තියක් අනුව රට ගොඩ නගා පෙන්වු නායකයෙකු පත් කරගැනීමට ජනතාව ඉදිරියට ආ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (23) පස්වරුවේ දිවුලපිටියේ පැවති එළිය සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.
එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද දිවුළපිටියේදි පැවැත් වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදි කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මෙන්ම මහාචාර්ය චන්න ජයසුමන, මේජර් ජනරාල් කමල් ගුණරත්න , හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් අදහස් දැක්වීය.

0 Comments