විෂ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් පිළිබඳ තමන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කරඇත.
ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව පිළිබඳවය.
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එහිදී පවසා ඇත්තේ මෙම කමිටුවට කොකේන් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මන්ත‍්‍රීවරයෙකු ද පත් කිරීමට යෝජනා වී තිබුණු බවය.
එහිදී “මේ කමිටුවට කමිටුවේ අනෙක් සාමාජිකයින්ට නොදැනී කොකේන්වලට චෝදනා කෙරුනු කෙකෙත් ඇතුළත් වෙලා හිටියා. මම අගමැතිතුමාට ගිහින් කිව්වා…කමිටුවට යෝජනා කරලා තියෙන පුද්ගලයෙකුටත් මේ වගේ චෝදනාවක් තියෙනවා කියලා. එතුමා මගේ වචනය පිළිඅරන් ක්ෂණිකව ඒ පුද්ගලයාව අයින් කළා. පස්සේ වෙන කෙනෙක්ව දැම්මා. ” යනුවෙන් සඳහන් කළා.
වරදකරුවන්ට එරෙහිව තමන් පාට හෝ පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන බවද ඇමතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.
අමේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (23) ප‍්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය ලබා ගන්නා කිසිදු මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නොමැති බවය.

0 Comments