උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට කොටුව ලෝටස් පාර අසල දී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.
දැනට සිසුන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර සිසුන් විසින් පොලිසියට එල්ල කරනු ලැබූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිවූ දෙනෙක්ද තුවාල ලබා ඇත.
මහපොළ ශිෂ්‍යත්වය රුපියල් පන්දහසක් දක්වා වැඩි කරනා ලෙස ඉල්ලා මෙම සිසුන් අද (26) දහවල් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගය අවහිර කරමින් රැඳී සිටින අවස්තාවේ මෙම ජලප්‍රහාරය එල්ල විය.
0 Comments