Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පකිස්ථාන – ඉන්දීය දේශසීමාව ඇවිලෙයි

පකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද අලුයම 03.30ට පමණ ප්‍රහාර එල්ල කර ඇති බව ඉන්දීය යුද්ධ හමුදාව පවසයි.

මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර කිලෝග්‍රෑම් දහසක් බර බෝම්බ හෙළීමෙන් පකිස්ථාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අදාළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණුකිරීමේ කඳවුරක් බව ද සදහන්.

මේ අතර ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට පකිස්ථාන හමුදාව චෝදනා කරයි.

පකිස්ථාන හමුදාවේ මේජර් ජෙනරාල් අසීෆ් ඝාෆූර් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ, ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවය.

කෙසේ වෙතත් ඉන්දීය ගුවන් යානා ඒ වනවිටත් ආපසු පිටත්ව ගොස් ඇති බව පකිස්ථානය ප්‍රකාශ කළේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();