Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කඩුවෙල-බියගම මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

කඩුවෙල - බියගම ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (26) සිට  ලබන මස දෙවෙනිදා දක්වා දින 05ක් සීමා කෙරෙන බව පොලිසිය පවසයි.
 
ඒ, කඩුවෙල පාලමේ සිදු කරන අලුත් වැඩියාවක් හේතුවෙනි.
 
ඒ අනුව අද සිට ලබන 02 වැනිදා දක්වා රාත‍්‍රී 10.00 සිට අලුයම 05.00 දක්වා එම මාර්ගය වසා තබනු ඇත. 
 
මේ හේතුවෙන් කඩුවෙල - බියගම මාර්ගය භාවිත කරන රියදුරන් අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය දැනුම්දෙයි.
 
විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලම භාවිත කළ හැකිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();