Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න අපි සූදානම් – අගමැති ඉම්රාන් කියයි

පාකිස්තානයද පෙරළා පහරදීමට සුදානම් බව ඉන්දීය ගුවන් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර වශයෙන් එරට අගමැති ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර ඇත. 04 වැනි පිටුවට

පාකිස්තාන ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැුස්වීමකට සහභාගි වෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ හමුදාව සුදුසු අවස්ථාවක, සුදුසු වෙලාවක ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනු ඇති බවයි. ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් ඉන්දීය රජය සාහසික ලෙස කටයුතු කර ඇති බවත් එනිසා තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට තම රජයට සිදුව ඇති බවත් පාකිස්තාන විදේශ ඇමැති ශා මහමුද් කුරේෂි ප‍්‍රකාශ කර ඇත.

මේ ප‍්‍රහාරය ගැන ඉන්දීය රජය බොරු ප‍්‍රචාර සිදු කරමින් සිටින බවද විදේශ ඇමැතිවරයා කියයි.

ඉන්දියාව පවසන්නේ ඊයේ අලූයම එල්ල කළ ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන් 300ක් මියගොස් ඇති බවයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();