ජනාධිපතිවරයා විසින් මෑතකදී උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කල සුරේන් රාගවන් නැමැත්තා කොකේන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද? යන්න පිළිබදව සොයා බැලීම සදහා රුධිර පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කල බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
උතුරේ ආණ්ඩුකාර තනතුරට පත් වූ වහාම ජාතිවාදියෙක් ලෙස හැසිරෙන ඔහුගේ ක්‍රියා කළාපය මගින් රට නැවතත් යුද්ධයකට යා හැකි බවද එම ලිපියෙන් පෙන්වා දෙන රංජිත් විතානගේ මහතා එවැනි බරපතල තත්වයකට රට ඇද වැටෙන ආකාරය බලා සිටීමට වගකිවයුතු සංවිධානයක් හැටියට තමන්ට නොහැකි බවද පෙන්වා දී තිබේ.
කොළඔ රාත්‍රී සමාජ ශාලාවල වෙරිමතින් ජීවිතය ගත කල සුරේන් රාඝවන් නැමැති අය ජනාධිපතිවරයාට හදුන්වාදෙනු ලබන්නේ ජනාධිපතිවරයාගේ පුද්ගලික මිතුරෙකු විසින් බවත් ජනාධිපතිවරයා ඔහුට ප්‍රථමයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය භාරදෙන බව පවසා තිබුනද පසුව උතුරේ ආණ්ඩුකාර තනතුරට පත් කළ බවදු ඔහු වැඩි දුරටත් සිය ලිපිය මගින් අවධෘරණය කරඇත.
කෙසේ වෙතත් හැකිනම් තමන් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට රුධිර පරීක්ෂණයක් කර පෙන්වන ලෙස තමා සුරේන්ට අභියෝගයක් කරන බවත් විතානගේ මහතා පවසා ඇත.
රන්ජන් රාමනායක මන්තීවරයා පුද්ගලයින් නම් කරමින් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බන ප්‍රකාශ නොකරන බවත් තමන් පුද්ගලයින් නම් කරමින් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරන බවත් අප සෑදිය යුත්තේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන පුද්ගලයින් බවත් ළිද ලග වැට ලග ඔපාදූප කීම වැනි දේ තමන් ප්‍රතික්ෂේප කරන බව ඔහු අවධාරණය කර සිටියි.

0 Comments