Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරොයින් ජාවාරම්කරුට මරණ දඩුවම

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (26) මරණීය දණ්ඩණය නියම කළේය.
 
කොළඹ  ප්‍රදේශයේ දී 2017 වර්ෂයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 29 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම චෝදනා වලට මෙම පුද්ගලයා වරදකරු වී තිබේ.
 
සංමුගම් ඉලංගකෝන්  නැමැති 40 හැවිරිදි දෙදරු පියෙකුට එරෙහි චෝදනා 2 සඳහාම වරදකරු බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චූදිතව ප්‍රාණය නිරුද්ද වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මහතා මෙහිදී නියෝග කරන ලදි.
 
විත්තිකරු මෙම අපරාධය 2017 දෙසැම්බර් මස 11 වැනි දා සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();