Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිරීමෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම ගැන මාරාන්තික හෙළිදරව්වක් – පිටරට කිරිපිටි සමාගම් මාරාවේශයෙන්.

කිරිමෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම නමින් ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් කරනු ලබන මහා විනාශයේ ඇතුළාන්තය පිළිබඳව හෙළිදරව් කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියක පළමු කොටස දිවයින පුවත්පත‍ේ පළවීමත් සමඟ අදාල සමාගම් බෙහෙවින් කලබල වී ඇති බව වාර්තා වෙයි.

අදාළ ලිපියේ දෙවන කොටස පල නොකරන ලෙස එම සමාගම් විසින් පමණක් නොව සෞඛ්‍ය බල බලධාරීන් විසින් ද මාධ්‍ය වේදීන්ට බලපෑම් කරන බව වාර්තා වේ.

පසුගිය දිනවල කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයට කැඳවා සත්කාරයට පාත්‍රකළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි ආකාරයය අනුව එම චෝදනා බැහැර කළ නොහැකි බව වාර්තා වේ.

එම බලපෑම් වලට යටත් නොවී නිර්භීතව ක්‍රියා කරන මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍යවේදීන්ට මහජන සහය ලැබිය යුතු බව ද ඒ පිළිබඳව අදහස් දැක් වූ විවිධ විද්වතුන්ගේ මතය වේ.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාට ද පරිස්සම් වන ලෙස විවිධ පාර්ශව වලින් දැනුම් දී ඇති බවද ද දැනගන්නට ලැබී ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();