Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුළුල් පෙරමුණු – පොදු අපේක්ෂක කතා පුස්සක් වෙයි ජනපතිවරණ සටනට එජාප අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයේදී මෙවර නම් සිරිසඟ බෝ නොවී එක්සත් ජාතික පක්ෂයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව සභානායක රාජ්‍ය ව්‍යවසය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ආණ්ඩු බලය ලැබුණත් එය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොවූ නිසා එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඔහු කීවේය.
මේ වසර අවසානයේදී බොහෝදුරට ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවත් එදා එජාප ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය නොහැකිව ඒවාට සිදුවුණු බාධා හේතුවෙන්ම එජාප අපේක්ෂකයකුම ඉදිරිපත් කරන බව ඇමැතිවරයා පැවැසුවේය.

එජාප ආණ්ඩුවක් උදෙසා පෙළගැසීමට අවශ්‍යව ඇත්තේ ඒ නිසා බවද ඔහු කීවේය. ඇමැතිවරයා මේ බව කීවේ පසුගියදා පාතදුම්බර මැතිවරණය කොට්ඨාසයේ එජාප ආසන සංවිධායක ලෙස පත්වීම් ලද තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පිළිගැනීම සඳහා සංවිධාන කර තිබූ උත්සවයකට සහභාගි වෙමිනි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();