Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය විමර්ශන වාර්තාව අද අගමැති අතට

කොකේන් මත් ද්‍රව්‍යය භාවිත කරන මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ සිටින බවට රන්ජන් රාමනායක රාජ්‍යය ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ විමර්ශන වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීම පිණිස අද (25) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දෙන බව පාර්ලිමේන්තුවේ සභානායක, උඩරට උරුමය, රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ඇති බවද ඒ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායකධූරයට පත් තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පිළිගැනීම නිමිත්තෙන් වත්තේගම නගර ශාලාවේදී පෙරේදා (23) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේබව පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ලෙස කටයුතු කළ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද පිවිසියේය. පසුව මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා,කර්මාන්ත හා වනිතා කටයුතු ඇමැති ලෙස කටයුතු කළ හෙතෙම ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්විය.

එම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති කිරිඇල්ල මහතා තමන් වසර තිහක කාලයක් තිස්සේ අඛණ්ඩව මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එම කාලය තුළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයන් අධ්‍යන්‍යය කළ අයෙකු ලෙස තමන්ට වත්මන් පාර්ලිමේන්තුවේ කොකේන් මත්ද්‍රව්‍යය භාවිත කරන කිසිදු මන්ත්‍රීවරයෙකු නොසිටින බව හදවතින්ම පැවසිය හැකි බවත් ප්‍රකාශ කළේය.

දේශපාලනඥයින් ලෙස සමාජයේ විවිධ පුද්ගලයින් ඇසුරු කරන්නට මැති ඇමැතිවරුන්ට සිදුවන බවත් උගතුන්,බුද්ධිමතුන් මෙන්ම අයි.ආර්.සී කාරයින්ද ඒ අතර සිටින බවත් කී ඒ මහතා ඔවුන් ආශ්‍රය කළ පමණින් වැරදි චෝදනා එල්ල කිරීම අනුමත කළ නොහැකි බවද අවධාරණය කළේය.

දේශපාලනඥයින් පමණක් නොව සාමාන්‍යය ජනතාවද ඒ අකාර පුද්ගලයින් ඇසුරු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

දුම්පානය හෝ නොකරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටින බවත් ඇත්ත කියන්නේ කවුද යන්න අනාගතයේදී අනාවරණය වනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.

අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();