ශ්රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 59 කට යුද අපරාධ චෝදනා එල්ලවන 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද (25 දා) ආරම්භ වේ.
මෙහිදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තා දෙකක් ද රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීන් විසින් වාර්තා 10 ක් ද ඉදිරිපත් කෙරේ.
මෙවර බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් 05 ක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් ජීනීවා යෝජනාවක්ද සමුළුව වෙත යොමු කෙරෙනු ඇත. මෙවර සමුළුව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්න රැසක් සාකච්ඡුා කිරීමට නියමිතය.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හමුදාවේ ඉහළ පුටුවක් ලබාදීමේ ප‍්‍රශ්නය ඇතුළු ශ‍්‍රී ලංකාව ඉටු නොකළ කරුණු රැසක් ගැනද අද අවධානය යොමුකෙරෙනු ඇත.
මේ අතර මානව හිමිකම් කොමිසාරිස් මිචලි බැචලට් ශ‍්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත‍්‍රයට ඇතුළත් වී ඇති බව ප‍්‍රකාශ කර තිබේ. මෙවර සමුළුවට කොටි ක‍්‍රියාකාරීන් 40 ක් දැනටමත් ජිනීවා වෙත පැමිණ ඇත.

0 Comments