Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාණදුර මහ කුඩ්ඩා ඉකුත් මාස 3ට කුඩු කිලෝ 1000ක් කොළඹට බෙදලා

ගයාන් කුමාර වීරසිංහ

මෙරටින් සොයා ගත් ලොකුම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල්හිමිකරු පසුගිය මාස තුනක කාලයේ පමණක් හෙරොයින් කිලෝ දහසකට අධික ප්‍රමාණයක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට බෙදා හැර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. පාණදුර කෙසෙල්වත්තේ තොටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් රිලා මොහොමඩ් රුක්සි වන එම ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ කිලෝ 100ත් 50ත් අතර ප්‍රමාණවලින් අවස්ථා 15ක දී මෝටර් රථ සහ වෑන් රථවලින් හෙරොයින් ප්‍රවාහනය කළ බවය. එම හෙරොයින් තොග බෙදා හැරීමට ඔහුට ලැබී ඇත්තේ බෙන්තොට, අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශ වලිනි.

එම හෙරොයින්වලින් වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇත්තේ කොළඹ නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසල්වල රථගාල් ආශ්‍රිතව බවද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු හෙළිකර තිබේ.

වසරක කාලයක් තිස්සේ ඔහු මේ ආකාරයට මත්ද්‍රව්‍ය බෙදා හැරීම් වල නිරතව සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම ව්‍යාපාරිකයාව මෙහෙයවන්නේ ඩුබායි හී රැඳී සිටින ඔහුගේ මස්සිනා වන රහීම් නැමැත්තා බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. රහීම් නැමැත්තා ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන මොරිල් සහ සිරාන් බාර්සික් නැමැත්තන් සමඟ බවද හෙළි වී තිබේ.

මාකදුරේ මධුෂ් නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ඩුබායි හී සාදය ගැන ඩුබායි පොලිසියට ඔත්තුව දුන්නේ යැයි සඳහන් වන්නේ ද මොරිල් ය. මධුෂ් සමඟ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ඇතිවුණූ ගැටුමක් මුල්කර ගනිමින් මධුෂ්ව එරෙට පොලීසියට කොටුකර දෙමින්, ඔහු ඩුබායි සිට එංගලන්තයට පලා ගොස්, මේ දිනවල එහි සිටින බව මෙරට ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී තිබේ. මිරාන් බාර්සික් මේ වනවිට ඩුබායි හී රැඳී සිටින බවද සඳහන් ය.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව පසුගිය දෙසැම්බර් මාසයේ දී බේරුවලින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 231ට ද මොරිල්ගේ සම්බන්ධයක් ඇතැයි මේ වන විට හෙළි වී තිබේ. මොරිල් සහ සිරාන් බාර්සික් යන මත්කුඩු ජාවාරම්කරුවන් මෙරට ආරම්භක මත්කුඩු ජාවාරම්කරුවන් බවටද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තොරතුරු අනාවරණය කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();