Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශක්තිමත් කළ පොලිස්-ස්වාධීන කොමිෂන් සභා අඩපණ කරන්න 19 සංශෝධනයට පහර ගහනවා

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මැඬලීමේ වැඩකටයුතු ශක්තිමත් හා විධිමත් කිරීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පොලිසිය ඇතුලු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ නිසා බවත්, දැන් එය අඩපන කිරීමේ අරමුණින් 19 වන සංශෝධනයට පහර ගසන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(24) බුලත්සිංහල දී පැවැසීය. රජය ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කරමින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා පොලිසිය ශක්තිමත් වූ බවත්, එහි ප්‍රතිඵල ලෙස 2017 වසරේ සිට 2019 දක්වා කාලය තුළ විශාලතම මත්ද්‍රව්‍යය තොග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පැවසූ වික්‍රමසිංහ මහතා අධිකරණයට සහ ස්වාධීන පොලිස් කොමිසමට පහර ගැසීමෙන් සිදු වන්නේ මත්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරය අඩපන වී කුඩුකාරයන්ට නැවත හිස එසවීමට උදව් කිරීම බවත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් බුලත්සිංහල, ඈගල්ඔය ඉදිකෙරුණු බහුකාර්ය ගොඩනැගිල්ල, සතිපොළ සහ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“අපේ රජය යටතේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩසටහන ශක්තිමත් වුණා. 19 වන සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය පොලිසියට ලැබුණා. කවුරුන් හෝ ස්වාධීන කොමිසමට පහර ගසනවා නම් ඉන් සිදුවන්නේ මත්ද්‍රව්‍ය මර්දනය අඩපන වීමයි. මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන අඩපන කරනවාද, එසේත් නොමැති නම් අපේ රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට සහයෝගය ලබාදෙනවා ද යන්න ජනතාව කල්පනා කළ යුතු කාලය දැන් එළැඹ තිබෙනවා.

මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරු ඇතුලු දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වී සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();