Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විමල්ගේ නඩුව යළි මැයි 13වනදා විභාගයට

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලූ හත් දෙනෙකුට එරෙහි නඩුවක් මැයි 13 වනදා විභාගයට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය. 
 
ඒ, මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැදවු අවස්ථාවේදී ය.  
 
2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා කරමින් විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පියසිරි විජේනායක, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන් විත්තිකරුවන් කරමින් කුරුදුවත්ත පොලිසිය එම නඩුව ගොණුකර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();