Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘සේනා’ වගා හානි වන්දි මාර්තු 10දා

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

සේනා දලඹුවා හානි කළ ගොවි බිම් සදහා වන්දි ප්‍රදානය මාර්තු 10 අම්පාරෙන් ආරම්භ කෙරේ‍.

සේනා දලඹුවා හානි කළ ගොවි බිම් සඳහා වන්දි ප්‍රදානය මාර්තු 10 සිට අරඹන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය. ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සේනා දලඹු පූර්ණ හානිය වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 40 000ක් ලබා දෙන බවද ෙම් වෙනුවෙන් දැනටමත් මිලියන 250ක් වෙන් කර ඇති බවත් හානියේ ප්‍රමාණය අනුව ඉදිරියේ දී මිලියන 250 ඉක්ම වුවද වන්දි ලබා දෙන බව හෙතෙම පැවැසීය.

හානිය උපරිම වූ අම්පාරෙන් වන්දි ලබා දීම ආරම්භ කරන බවත් මොනරාගල හා අනුරාධපුර දිස්ත්‍රික්කයන් පලමු වටය තුල වන්දි ලබා දීමට කටයුතු කරන බව කීය. එහි දී කෘෂි නිලධාරීන් කිහිපදෙනකුගේ සේවය අමාත්‍යවරයා විසින් ඇගයීමට ලක්කර සහතික පත්ද පිරිනැමීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();