Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හපන්නට බැරි නම් බුරන්න එපා – ‘සිරස‘ සුමන්තිරන්ගේ රෙදි ගලවයි (Video)

දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් නොකරන ලද ප‍්‍රකාශයක් සිරස රූපවාහිනිය විසින් ප‍්‍රචාරය කළ බවට ඔහු විසින් ජනහමුවක් අමතමින් කරන ලද චෝදනාවකට සිරස රූපවාහිනිය විසින් දීර්ඝ පිළිතුරක් ලබා දුන්නේය.

සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී අදාල චෝදනාවත් ඊට සිය ආයතනයේ පිළිතුරත් ඔවුන් විසින් ලබා දුන්නේ මෙසේය.

පසුගිය 12 වන දා ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ ය.

“සිංහල ජනතාවගේ හදවත් දිනා ගත යුතුයි. රට බෙදෙයි කියලා ඔවුන් තුළ විශාල බියක් තියෙනවා. ඒකට හේතුව මම දන්නේ නැහැ. බෙදෙන්නත් පුළුවන්.”

මේ ප්‍රවෘත්තිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ මෙසේ පැවසුවේ ය.

“එදා සිංහල ප්‍රවෘත්තියේ සිරස්තල විදියට ඒගොල්ලෝ කියන ප්‍රවෘත්තිය, වෙනම රටක් නිර්මාණය විය හැකි යැයි සුමන්දිරන් පවසනවා. ඒක තමයි ඒ ගොල්ලෝ කියපු ප්‍රවෘත්තිය. සිරස ප්‍රවෘත්තියෙන්.”


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();