Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කළකිරුණු UNP පාක්ෂිකයන් ආණ්ඩුවට එරෙහිව පෙළගස්වනවා – ආණ්ඩුවට එරෙහි පළමු වෙඩිමුරය දුනේෂ් ගන්කන්දගෙන් (Video)

Image result for dunesh gankanda

කළකිරීමට පත්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට තමන් කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියළු දේශපාලන පක්ෂවල සංවිධායකවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය මත එක්සත් ජාති පක්ෂය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා කෙටුම්පත් සකස් කරමින් සිටින බව යි.

කෙසේවෙතත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හෝ එහි සංශෝධන සිදු කිරීමට වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ බහුතරය පෙන්වපු එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ සුළුතරයබවට පත් වී ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();