Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චිචි පුතාගේ මංගල්ලෙට බැසිල් බාප්පා නාවේ ඇයි?

චිචි පුතාගේ මංගල්ලෙට බැසිල් බාප්පා නාවේ ඇයි?

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ (චිචි) විවාහ උත්සවයට බැසිල් රාජපක්ෂ මහතා පැමිණ නැත.

සෙසු රාජපක්ෂ සහෝදරයන් මෙම විවාහ උත්සවයේ පෙනෙන්නට සිටියත් බැසිල් රාජපක්ෂ මහතා පෙනෙන්නට නොසිටීම දේශපාලන වේදිකාවට දැන් තවත් කතාවකි.

බැසිල් රාජපක්ෂ මහතා පමණක් නොව ඔහුගේ දේශපාලන කණ්ඩායමද මෙම මංගල්‍යයට පැමිණ නැති බව සඳහන්.

දේශපාලන ප්‍රශ්න කෙසේවෙතත් පවුලේ මෙවැනි උත්සව අවස්ථාවක ඊට සහභාගී වීමට තිබූ බවයි ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම් පිළිබඳ බොහොම පැහැදිලිව දන්නා ඇතැමුන් සඳහන් කරන්නේ.

විශේෂයෙන් 2015 ජනාධිපතිවරණ සමයේ සිට මේ දක්වාම බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අතර නොහොඳ නෝක්කාඩු පැවතීම රහසක් නොවේ.

මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීමේ වගකීමද අවසාන වශයෙන් භාර ගැනීමට සිදුවුයේ බැසිල් රාජපක්ෂ මහතාට වූ අතර තාත්තාගේ පරාජයට වගකිව යුත්තේ බැසිල් බාප්පා බව රාජපක්ෂ දරුවන් චෝදනා කර තිබුණි. එපමණක් නොව යම් ගැටුමක්ද සිදුවූ බවයි එවකට වාර්තා වූයේ.

2015 පරාජයෙන් පසු යාම කඩාවැටීමකට ලක්ව සිටි මහින්ද රාජපක්ෂ කණ්ඩායමට නව පණක් ගෙන දුන්නේද බැසිල් රාජපක්ෂමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතිකරමින් යළි පෙරළියක් කිරීමට බැසිල් රාජපෂට හැකි විය. එහෙත් පසුගිය ඔක්තෝම්බර් 26 සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජනප්‍රියතාව නැතිවන තැනටම පත්විය.

එම අවස්ථාවේදීද වාර්තා වූ අන්දමට බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පසෙක දමා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය භාරගෙන තිබුණේය.

එහෙත් සටන ඇත නොහැරී බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට බහුතරය හදන්නට වෙහෙසුනද එය අවසානයේ පලක් නොවුණි.

මෙවැනි දේශපාලන අවුල් වියවුල් මෙන්ම රාජපක්ෂ සහොදරයන් අතර වන බල පොරය නිසාත් ඔවුනොවුන් අතර සැබෑ ලෙසම හිත හොඳක් නොමැති බව කාටවුවත් පෙනෙන්නට තිබේ.

විපක්ෂයේ කණ්ඩායමද දැන් රාජපක්ෂවරු බෙදාගෙන අවසන්ය. 2020 ජනාධිපතිවරණයට සියලුම රාජපක්ෂ සහෝදරවරු සූදානම්ය. මෙවැනි පසුබිමක් තුළ කොතනින් කොතනින් හෝ එකී විරසකකම් පෙනෙන්නට ගැනීමද වැළැක්විය නොහැක.

LNW

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();